හැඳින්විම

පහත සඳහන් මාතෘකාවන් මෙම ලිපිය මඟින් ආවරණය කරනු ලැබේ.

  • නිකුත් කිරීමේ සටහන් නවීකරණයන්

  • ස්ථාපනය සම්බන්ධ සටහන්

  • ගුණාංග නවීකරණයන්

  • ධාවක නවීකරණයන්

  • කර්නලය සම්බන්ධ නවීකරණයන්

  • වෙනත් නවීකරණයන්

  • තාක්‍ෂණික පෙර දැක්ම

  • විසදු ගැටළු

  • හඳුනාගත් ගැටළු

Red Hat Enterprise Linux 5.1 සේවා දායකයන් තුල තිබෙන සමහර ප්‍රගමනයන් මෙම වෙළුමට අදාල මුදාහැරීමේ සටහන් තුල අන්තර්ගත වන්නේ නැත. පහත සඳහන් ඒකීය සම්පත් ගොනුව තුලින් නවීකරණය කරන ලද මුදා හැරීමේ සටහන් ලබාගත හැක:

http://www.redhat.com/docs/manuals/enterprise/

නිකුත් කිරීමේ සටහන් යාවත්කාලීන

මෙම අංශයේ Red Hat Enterprise Linux 5.1 පිළිබඳ තොරතුරු ඇතුළත්වේ, ඒවා බෙදාහැරිම සමඟවු නිකුතු සටහන් සමඟ ඇතුළත් නොවුනි.

  • පූර්‍ණ අත්‍යන්තකරණය කළ SMP ආගන්තුකයක් මත Red Hat Enterprise Linux 5 ස්ථාපනය කරනවිට, ස්ථාපනය අක්‍රියවේ. මෙය ධාරකය (dom0) Red Hat Enterprise Linux 5.1 ක්‍රියාත්මක කරන විට සිදුවේ.

    මෙය වලක්වා ගැනීමට, ස්ථාපනය ආධාරයෙන් ආගන්තුකයට එක් ප්‍රොසෙසරයක් භාවිතා කිරීමට සකසන්න.ඔබට මෙය virt-install තුළවූ --vcpus=1 විකල්පය ආදාරයෙන් කළ හැක. ස්ථාපනය අවසන්වු පසු virt-manager තුළ වු යොදවා ඇති vcpus වෙනස් කිරීමෙන් ඔබට ආගන්තුකය SMP ලෙසට සැකසිය හැක. .

  • මෙම නිකුතුවේ WBEMSMT අඩංගුවේ, එනම් වෙබ් අතුරුමුහුණතක් සහිත යෙදුමකි එය Samba සහ DNS සඳහා පරිශීලකයාහට පහසු කළමණාකරණ මුහුණතක් ලබාදේ. WBEMSMT පිළිබද වැඩි දුර තොරතුරු සඳහා http://sblim.wiki.sourceforge.net/ බලන්න.

  • Red Hat Enterprise Linux 5.1 හි pm-utils භිටාවෙළුමකින් pm-utils යාවත්කාළීන කිරීම පහත දෝෂය සහිතව බිදවැටිය හැකor:

    දෝෂය: සංරක්‍ෂණ ගොනුව විහිදු වීම බිද වැටින /etc/pm/sleep.d: cpio: rename
    

    මෙය සිදුවීම වලක්වා ගැනීමට නම් යාවත්කාලීන කිරීමට පෙර /etc/pm/sleep.d/ බහලුම මකන්න. /etc/pm/sleep.d තුළ කිසියම් ගොනුවක් ඇත්නම්, ඔබට එම ගොනු /etc/pm/hooks/ වෙතට ගෙනයා හැක.

  • Mellanox MT25204 සඳහා දෘඩාංග පරීක්‍ෂාව සමහර ඉතා ඉහල භැරයක් යටතේ දෝෂ ගෙනදෙන බව සොයාගන්න ලදි. මෙම දෘඩාංග මත ib_mthca ධාවකය catastrophic දෝෂයක් පිළිබඳ වාර්තා කරන විට, එය පරිශීලක යෙදුම මඟින් නිර්අමණය කරන නිමකළ යුතු කාර්‍යය එකතුවට සාපෙක්‍ෂව සමානවේ.

    කෙසෙ වෙතත් ධාවකය විසින් දජෘඩාංගය යළිසකසනු ඇති අතර දෝෂය ඇතිවන අවස්ථාවේ සියළු සම්බන්ධතා බිද වැටීමද මගහරවාදේ. මෙය සාමාන්‍යන් පරිශිලලක යෙදුමේ කොටස්කිරීමේ දෝෂයකි. තවදුරටත්, දෝෂය ඇතිවන අවස්ථාවේopensm ක්‍රියාත්මක නම්, නිසි මෙහෙයුම් තත්වය ලබා ගැනීමට එය යළි ආරම්භ කළ යුතුවනු ඇත.

  • ධාවක යාවත්කාළීන තැටිය දැන් Red Hat හි RPM මත පදනම් වූ ඇසුරුම් ධාවක යාවත්කාළීන වැඩසටහන සඳහා සහය දක්වයි. ධාවක තැටිය නව සංයුතියක් භාවිතා කරයි නම්, පද්ධති යාවත් කාළීන කිම්හිදි හානි නොවන RPM ඇසුරුම් ධාවකයක් එක් කිරිමේ හැකියාවක් ඇත.

    ධාවක RPMs පිටපත් වන්නේ ස්ථාපිත පද්ධතියේ භාවිතා වන පෙරනිමි න්‍යෂ්ඨි සඳහා පමණක් වන බව කරුණාවෙන් සළකන්න. උදාහරණයක් ලෙස, අථ්‍යන්තකරණය කළ න්‍යෂ්ඨියක් මත ක්‍රියාත්මක වන පද්ධතික ධාවක RPM ස්ථාපනය කළ විට අථ්‍යන්තකරණය කළ න්‍යෂ්ඨියක් සඳහා පමණක් ස්ථාපනයවේ. ධාවක RPM වෙනත් ස්ථාපිත කිසිදු න්‍යෂ්ඨියක් සඳහා ස්ථාපනය නොවේ.

    එලෙසම න්‍යෂ්ඨි කිහිපයක් ස්ථාපිත පද්ධතියක, සෑම න්‍යෂ්ඨියක් මතම ඔබගේ පද්ධතිය ආරම්භකර ධාවක RPM ස්ථාපනය කළ යුතුවේ. උදාහරණයක් ලෙස, ඔබගේ පද්ධතියේ bare-metal සහ virtualized න්‍යෂ්‍ඨි ස්ථාපනය කරැති විට, ඔබගේ පද්ධතිය bare-metal න්‍යෂ්ඨිය මඟින් ආරම්භකර ධාවක RPM ස්ථාපනය කරන්න. ඉන්පසු ඔබගේ පද්ධතිය අත්‍යන්ථකරණය කළ න්‍යෂ්‍යඨියට ළි ආරම්භ කර ධාවක RPM ස්ථාපනය කරන්න.

  • dom0 හි ජීව කාළය තුළදි ඔබට ආගන්තුක නිර්මාණය කළ නොහැක (එනම්, xm create) more than 32,750 times. උදාහරණයක් ලෙස, ඔබ සතුව නිරන්තරයෙන්ම චක්‍රීයව යළි ආරම්භවන ආගන්තුකයක් ඇත්නම්, ආගන්තුකය 32,750 වතාවක් යළි ආරම්භ වූවිට dom0 ආරම්භ කිරීමට අසමත්වේ.

    මෙය සිදුවුවහොත්, dom0 යළි ආරම්භ කරන්න

  • Red Hat Enterprise Linux 5.1 NFS සේවාදායකය දැන් ආයාත සඳහා සහය දක්වයි. මෙම ආයාත කිරීම් NFSv4 සඳහා වන දිගුවන් මත පදනම් වේ. මෙම දිගුවන් සඳහා සහය නොදක්වන ඕනැම NFS සේවාලාභින් (නාමිකව, 5.1 පෙර Red Hat Enterprise Linux නිකුතුවන්) හට මෙම ආයාත සඳහා ප්‍රවේශ විය නොහැක.

    ඒ ආකාරයට මෙම ආයාත සඳහා කිසියම් NFS සේවාලාභියෙක් සහය නොදක්වයි නම්, ඕනැම ආකාරයක ආයාත සඳහා ප්‍රවේශ වීමක් I/O දෝෂයක් සමඟ බිදවැටිය හැක. සමහර අවස්තාවල සේවාලාභියාගේ යෙදිම මත පද්ධති බිදවැටීමක්ද සහිතව වෙනස් විය හැක.

    NFS ආයාත සඳහා සහය නොදක්වන පරිශීලකයින් ප්‍රවෙශනයෙන් තොරවීමට පෙර වලක්වා ගැනීම ඉතා වැඩගත් වේ.

  • GFS2 යනු GFS හි ක්‍රමික උසස්විමකි. මෙම යාවත්කාලීන කිරීම on-disk ගොනු පද්ධතිය තුළ වෙනස් කීමක් අවශ්‍යවන දියුණු කිරීම් කිහිපයක් වෙතට යෙදෙන්නකි. GFS ගොනු පද්ධතිය gfs2_convert භාවිතයෙන් GFS2 පරිවර්තනය කළ හැක , මෙය අවශ්‍ය පරිදි GFS ගොනු පද්ධතියේ මෙටා ඩෙටා යාවත්කරණු ඇත.

    GFS2 Red Hat Enterprise Linux 5 නිකුතුවේ සිටම බොහෝ දියුණුවු අතර, තාක්‍ෂණික පෙරදැක්මක් ලෙස තවදුරටත් පවතිනු ඇත. බෙදාහැරිමේ සටහන් වල අඩංගුවු නිකුතු සටහනේ GFS2 පූර්‍ණ සහලබාදීම සඳහන්වීම සාවද්‍යවේ. කෙසෙවෙතත් යොමු සළකුණු පරික්‍ෂණය පහතදැ සම්බන්දව ක්‍ෂණික හැකියාවන් පෙන්නුම් කරයි:

    • එක් බහලුමක දැඬි භාවිතය සහ ක්‍ෂණික බහලුම් පර්යාවලෝකනය (පසු යොමු සළකුණු)

    • සමකාලීක I/O මෙහෙයුම් (fstest යොමු සළකුණු පරික්‍ෂණය TIBCO වැනි පණිවිඩ යෙදුම් සඳහා දියුණු කිරීම් පෙන්වයි)

    • කැච් කියවීම්, තවදුරටත් කිසිදු අගුලු දැමීමෙන් සිදුවන භාරය ඇති නොවේ

    • පූර්වපූරණය සඳහා සෘජු I/O

    • NFS ගොනු හසුරුව විමසුම්

    • df, මුදාහැරිමේ තොරතුරු දැන් කැච් කර ඇත

    ඊට අමතරව GFS2 පහත දැක්වෙන ලක්‍ෂණයන්ද හෙබි වෙයි:

    • ජර්නල මෙටා දත්ත වෙනයවට දැන් සරල (සැඟවීම් හරහා) ගොනුවේ. ජර්නල දැන් ගතිකව අතිරේඛ සේවාදායක ගොනු පද්ධති ස්ථාපක ලෙස එක් කළ හැක.

    • පංගු දැන් සක්‍රී කර ඇති අතර ස්ථාපන විකල්ප මගින් අක්‍රීය කළ හැක quota=<on|off|account>

    • බිදවැටුම් සැකසීම සඳහා ජර්නල නැවත ක්‍රියාත් මක කිරීමට ක්ලස්ටරයක් මත quiesce තවදුරටත් අවශ්‍ය නොවේ

    • නැනෝතත්පර ටයිම්ස්ටැම්ප් සඳහා දැන් සහය දක්වයි

    • ext3 ලෙසම, data=ordered ආකාරය සඳහා GFS2 දැන් සහය දක්වයි

    • සම්මත ioctl() හරහා අංග සැකසුම් lsattr() සහ chattr() දැන් සහය දක්වයි

    • 16TB වඩා වැඩි ගොනු පද්ධති ප්‍රමාණ දැන් සහය දක්වයි

    • GFS2 සම්මත ගොනු පද්ධතියක් වන අතර non-clustered මානකරණයේ භැවිතා කළ හැක

  • HP BL860c blade පද්ධති මත Red Hat Enterprise Linux 5.1 ස්ථාපනය IP තොරතුරු ලබාගන්නා මට්ටමේදි අකර්මණ්‍ය විය හැක. මෙම ගැටළුව හරි යන්න දෙවරක්ම Configure TCP/IP තිරයේ තේරුවිට සිදුවේ.

    මෙම සිදුවුවහොත් පද්ධතිය යළි ආරම්භකර Ethernet ස්වයංක්‍රීය හදුනාගැනීම අක්‍රීයකර ස්ථාපනය කරන්න. මෙය සිදු කිරීමට ස්ටහාපන මාධ්‍යන් ආරම්භවිමේදි ethtool="autoneg=off" පාරාමිතිය සකසන්න. එසෙ කිරීම අවසාන ස්ථාපනයට බලපානු නොලැබේ.

  • nohide ආයාත විකල්පය රෙකමදාරු කළ ආයාත සඳහා අවශ්‍යවේ (එනම්. රෙකමදාරු කරන සේවාදායක විශේෂිතව දක්වන ආයාත සඳහා).

    bound mounts පිළිබඳ වැඩි විස්තර සඳහා man exports 5 බලන්න.

  • මෙම නවිකරණයේ lvm2 සිදුවීම් නිරික්‍ෂණ විබුද්ධකයා අඩංගුවේ. ඔබ දැනටමත් lvm2 නිරික්‍ෂණ භැවිතා කරයි නම්, නිරික්‍ෂණ කටයුතු නිසියාකාරව යාවත්කාලීන වි ඇති බවට තහවුරු කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න:

    1. නවිකරණය කිරීමට පෙර සියළු කැඩපත් lvm2 තාර්කීක පරිමා අක්‍රීය කරන්න. මෙය සිදු කිරීමට lvchange -a n <volume group or mirrored volume> විධානය භාවිතා කරන්න.

    2. killall -HUP dmeventd භාවිතයෙන් පැරණි lvm2 විබුද්ධකයා නවතන්න.

    3. සියළු RPM ඇසුරුම් නවිකරණය කරණ ලඳි, device-mapper සහ lvm2 ඇතුළත්ව.

    4. lvchange -a y <volume group or mirrored volume> භාවිතයෙන් සියළු කැඩපත් පරිමා නැවතත් සක්‍රීය කරන්න.

  • Rapid Virtualization Indexing (RVI) දැන් 64-bit, 32-bit, සහ 32-bit PAE න්‍යෂ්ඨි මත සහය දක්වයි. කෙසේ නමුත්, RVI හට පරිවර්තනය කළ හැක්කේ 32-bit PAE hypervisor මතවු 32-bit ආගන්තුක අත්‍යන්ථ ලිපින පමණයි.

    එලෙස 3840MB ට වඩා වැඩි මතකයක් සහිතව ආගන්තුකයක් PAE න්‍යෂ්ඨියක් ක්‍රියාත්මක වේ නම්, වැරදි ලිපින පරිවර්තන දෝෂයක් සිදුවනු ඇත. මෙය ආගන්තුකය බිදවැටීමට හේතුවිය හැක.

    ඔබට RVI යටතේ 4GB භෞතික මතකයක් සමඟ ආගන්තුකයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යනම් 64-bit න්‍යෂ්ඨෛය භැවිතා කිරීමට රෙකමදාරු කරනු ඇත.

  • AMD Rev F ප්‍රොසෙසරය භාවිතා කරමින් 16 cores හෝ වැඩි ක්‍රියාත්මක කරවීම පූර්‍ණ අථ්‍යන්තකරණ ආගන්තුකයක් ස්ථාපනයේදි පද්ධතිය ඵ්‍රකෘති තත්වයට පත්වනු ඇත.

  • systemtap ඇසුරුම දැනටමත් ස්ථාපනය කර ඇත්තනම් systemtap-runtime ඇසුරුම ස්ථාපනය පරිවර්තන පරික්‍ෂණ දෝෂයට හේතුවේ. තවදුරටත්, 5.1 වෙතට Red Hat Enterprise Linux 5 යාවත්කාළීන කිරීමද systemtap ඇසුරුම දැනටමත් ස්ථාපනය කර ඇත්තනම් අසමත්වේ.

    එලෙස, systemtap-runtime ස්ටහාපනයට පෙර හෝ නවිලකරණයට පෙර rpm -e systemtap-0.5.12-1.e15 විධානය මඟින් systemtap ඇසුරුම ඉවත් කරන්න.

  • NFSROOT සකසන විට, /etc/sysconfig/network-scripts/ifcfg-eth0 තුළ BOOTPROTO, BOOTPROTO=dhcp ලෙසට සැකසිය යුතුවේ.

    ඔබගේ පාරිසරිකයට BOOTPROTO සඳහා වෙනස් සැකසුම් අවශ්‍ය නම්, initrd නිර්මාණය කිරීමට පෙර තාවකාලිකව /etc/sysconfig/network-scripts/ifcfg-eth0 තුළ BOOTPROTO=dhcp සකසන්න. ඔබට BOOTPROTO හි නැවුම් අගය initrd නිර්මාණය වූ පසු යළි සැකසිය හැක.

  • IBM Bladecenter සඳහා QLogic iSCSI Expansion Card, ethernet සහ iSCSI පහසුකම් දෙකම ලබාදේ. කාඩ්පතේ සමහර කොටස් පහසුකම් දෙකම මගින් බෙදාගානි. කෙසේනමුත්, දැනට qla3xxx සහ qla4xxx ධාවක ethernet සහ iSCSI පහසුකම් වෙත වෙන වෙනම සහය දක්වයි. ධාවක දෙකම එකවර ethernet සහ iSCSI පහසුකම් භාවිතයට සහය නොදක් වයි.

    එලෙසම එකවර ethernet සහ iSCSI ක්‍රම භාවිතයෙන් මෙවලම හිරවීමට හේතුවේ. මෙය දත්ත හානී වීමට සහ iSCSI මෙවලම මත ගොනු පද්ධතිය හානී වීමට හේතුවේ, හෝ වෙනත් සම්බන්ධක මෙවලම් මත ජාල බැටළු ඇතිවීමට හේතුවේ.

  • virt-manager භැවිතා කරන විටදි දැනට ඇති ආගන්තුකයකට තැටියක් ඈදීමට ආගන්තුකයේ /etc/xen/<domain name> මානකරණ ගොනුවේ හි වරකට වඩා වැඩි ඇතුළත් කිරීම් සිදු කළ යුතුවේ. මෙම ඇතුළත් කිරීම් ආගන්තුකය ආරම්භ ොකිරී වැලැක් වීමට හේතුවේ..

    එලෙස ඔබ විසින් මෙම වරකට වඩා වඩියෙන් යෙදුනු ඇතුළත් කිරීම් ඉවත් කළ යුතුවේ.

  • එකකාකාරව ධාරක අතර හුවමාරුවන ආගන්තුක එක ධාරකයක් බිදවැටීමට හේතුවේ. ධාරකය ආගන්තුකය පද්ධතියෙන් ඉවතට හවමාරුවටාරුවට පසු යළි ආරම්භ වුවසහ හවමාරුවට පෙ එම ආගන්තුයම , කීසිදු බිද වැටීමක් සිදු නොවේ.හොත්

  • sysreport, sosසඳහා අනුමත කර ඇත . sosස්ථාපනය සඳහා, yum install sos විධානය භාවිතා කරන්න. මෙම විධානය sos ස්ථාපනය කරන අතර sysreport ඉවත් කරයි. මෙයට බලපාන කික්ස්ටාර්ට් ගොනු යාවත් කරන ලෙසට රෙකමදාරු කරයි.

    sos ස්ථාපනයෙන් පසු, sosreport විධානය භාවිතා කරන්න. sysreport විධානය භාවිතයෙන් ආවාදයක් ලැබෙනු ඇත එය sysreport is now deprecated; continuing will invoke sosreport වේ.

    ඔබට sysreport මෙවලම විශේෂිතව භාවිතා කිරිමට අවශ්‍යනම්, එය ආරම්භයටsysreport.legacy විධානය භාවිතා කරන්න.

    sosreport වැඩි තොරතුරු සඳහාman sosreport සහ sosreport --help බලන්න.

සථාපනය සම්බන්ධ සටහන්

මෙම අංශයේ Anaconda සඳහා විශේෂිත තොරතුරු සහ Red Hat Enterprise Linux 5.1 ස්ථාපනයට අදාල තොරතුරු අන්තර්ගත වේ.

මේ වන විට ස්ථාපනය කර තිබෙන Red Hat Enterprise Linux 5, ඔබ විසින් වෙනස් වී ඇති ඇසුරුම් නවීකරණය කිරීම සඳහා Red Hat ජාලය භාවිත කිරීම අනිවාර්‍ය වේ.

Red Hat Enterprise Linux 5.1 හි නැවුම් ස්ථාපනයක් සඳහා Anaconda භාවිතා කරන්න හෝ Red Hat Enterprise Linux 4හි නවතම නිකුතු වෙලුමෙන් , Red Hat Enterprise Linux 5.1 වෙතට යාවත්කාළීන කරන්න. දැනටමත් ස්ථාපිත Red Hat Enterprise Linux 5 නවිකරණය සඳහාද Anaconda භාවිතා කළ හැක.

  • ඔබ Red Hat Enterprise Linux 5 හි අන්තර්ගතයන් සංයුක්ත තැටි තුලින් පිටපත් කරන්නේ නම් (උදාහරණයක් ලෙස ජාලය භාවිත සිදුකරන ස්ථාපනයක් සඳහා සූදානම් වන්නේ නම්) මෙහෙයුම් පද්ධතිය සඳහා පමණක් එම සංයුක්ත තැටි පිටපත් කිරීමට වග බලා ගන්න. අතිරේකව සපයා ඇති සංයුක්ත තැටි හෝ වෙනත් ස්ථර වලට අදාල සංයුක්ත තැටි පිටපත් නොකරන්න, එලෙස සිදු කලහොත් ඇනකොන්ඩා හට ස්ථාපනය නිසියාකාරව සිදු කිරීමට අවශ්‍ය ගොනු එම සංයුක්ත තැටි හි අඩංගු ගොනු මඟින් නැවත ලියවෙනු ඇත. මෙම අතිරේකව සපයා තිබෙන සංයුක්ත තැටිය ස්ථාපනය කල යුත්තේ ස්ථාපනය කිරීමෙන් පසුව වේ.

    අමතර සංයුක්ත තැටියේ අන්තර්ගත සහ වෙනත් මට්ටමක නිෂ්පාදන සංයුක්ත තැටි Red Hat Enterprise Linux 5.1 ස්ථාපනයෙන් පසුව ස්ථාපනය කළ යුතුම වේ.

  • Red Hat Enterprise Linux 5.1 පූර්‍ණඅථත්‍යකරණය කළ ආගන්තුකයක් මත ස්ථාපනයේදි kernel-xen න්‍යෂ්ඨිය භාවිතා නොකරන්න. මෙම න්‍යෂ්ඨිය තෝරා ගැනිමෙන් ඔබගේ පූර්‍ණඅථත්‍යකරණය කළ ආගන්තුකය ඔබගේ පද්ධතිය හිරවි සිටිය හැක.

    ඔබ Red Hat Enterprise Linux 5.1 පූර්‍ණඅථත්‍යකරණය කළ ආගන්තුකයක් මත ස්ථාපන අංකය භාවිතා කරයි නම් අථත්‍යකරණ ඇසුරුම් සමූහය ස්ටහාපනය අතරතරේදි තේරිම නොකරන්න. අථත්‍යකරණ ඇසුරුම් සමූහ විකල්පයkernel-xen න්‍යෂ්ඨිය ස්ථාපනය කරනු ඇත.

    අර්‍ධඅථත්‍යකරණය කළ ආගන්තුකයන්ට මෙය බල නොපාාන ඇත.ුඅර්‍ධඅථත්‍යකරණය කළ ආගන්තුකයන් සැමවිටම kernel-xenණ්‍යෂ්ඨිය භාවිතා කරයිl.

  • Red Hat Enterprise Linux 5 වෙතින් 5.1, වෙතට යාවත්කාලීන කරන විට අථත්‍යකරණය කළ න්‍යෂ්ඨිය ඔබ භාවිතා කරයි නම් යාවත්කාලීන කිරීම අවසන්වූ වහාම ප්ධතිය නැවත ආරම්ඹ කළ යුතුම වේ.

    Red Hat Enterprise Linux 5 හි සහ 5.1හි හයිපවයිසර්, ABI අනුකුල නොවේ. ඔබ යාවත් කාලීන අතරේදි නැත ආරම්ඹ නොකරයි නම් යාවත්කාලීන වූ අථත්‍යකරණය RPMs ක්‍රයාත්මක වන න්‍යෂ්ථිය සමඟ නොගැලපේ.

ස්ථාපනය / iSCSI මෘදුකාංග ආරම්භය සඳහා වන ආරම්භනය (open-iscsi)

iSCSI ස්ථාපනය සහ ආරම්ඹය නැවුම්ව තාක්‍ෂණික පෙර දැක්මල් ලෙස Red Hat Enterprise Linux 5 හදුන්වා දෙන ලදි. මෙම අංගය දැනට සම්පූර්ණ සහය නොදක්වන අතර පහත සීමාවන්ද පවති.

ඔබගේ තත්වය මත මෙම හැකියාව සතුව මානකරණයන් තුනක් ඇත:

  • දෘඩාංග iSCSI ඇරඹුම් භාවිතයෙන් (QLogic qla4xxx වැනි)

  • iSCSI සඳහා ෆර්ම්වෙයාර් ඇරඹුම රහිත open-iscsi ඇරඹුම භාවිතයෙන් (iSCSI ඇරඹුම් ෆර්ම්වෙයාර් වැනි,හෝ iSCSI ඇරඹුම් හැකියාව ඇති විවෘත ෆර්ම්වෙයාර් වෙළුමක්)

  • iSCSI සඳහා ෆර්ම් වෙයාර් ඇරඹුම රහිත open-iscsi ඇරඹුම භාවිතයෙන්

දෘඩාංග iSCSI මුලපුරණය භාවිතයෙන්

ඔබ දෘඩාංග iSCSI ඇරඹුම භැවිතා කරයි නම්, ඔබට දුරස්ථ ගබඩාවට ප්‍රවේශයට අවශ්‍ය IP ලිපිනය සහ වෙනත් පරාමිතික ඇතුලත් කිරීමට කාඩ් පතේ BIOS set-up අංගය භාවිතා කළ හැක. ඇනකොන්ඩා තුළ සම්මත sd ආම්පන්නය ලෙස ගබඩාව දුරස්ථ තාර්කික ඒකකය භාවිතයට ඇත , කිසිදු අමතර සුසර කිරිමක් අවශ්‍ය නොවේ.

ඔබට දුරස්ථ ගබඩා සේවාදායකය මානකරණය කිරීමට ඇරඹුමේ සුදුසුකම්ලත් නම (IQN) දැන ගැනීමට අවශ්‍යනම්, ස්ථාපනයේදි පහත උපදෙස් පිළිපදින්න:

  1. ස්ථාපනය සඳහා භැවිතා කළ යුතු තැටි ධාවක තෝරා ගැනිමට ස්ථාපන පිටුවට ගෙනයන්න.

  2. උසස් මානකරණයන්මත ක්ලික් කරන්න.

  3. iSCSI ඉලක්ක එක්කරන්න මත ක්ලික් කරන්න.

  4. iSCSI IQN තිරය මත දර්ශනය වනු ඇත.

iSCSI සඳහා ෆර්ම් වෙයාර් ඇරඹුම සහිතopen-iscsi භාවිතයෙන්

ඔබ iSCSI සඳහා සහය දෙන ෆර්ම් වෙයාර් ආරම්ඹක open-iscsi මෘදුකාංග ඇරඹුම භැවිතා කරයි නම් , ඔබට දුරස්ථ ගබඩාවට ප්‍රවේශයට අවශ්‍ය IP ලිපිනය සහ වෙනත් පරාමිතික ඇතුලත් කිරීමට ෆර්ම් වෙයාර් අංගය භාවිතා කරන්න. මෙය සිදු කිරීමෙන් පද්ධතිය දුරස්ථ iSCSI ගබඩාවෙන් ආරම්ඹවිමට මානකරණයවේ.

දැනට ඇනකොන්ඩා විසින් ෆර්ම්වෙයාර් විසින් දරණ iSCSI තොරතුරු වෙතට නොපිවි සේ. එසේ නොමැතිව ඔබ විසින් ඉලක්කගත IP ලිපිනය ස්ථාපනය අතරතුරේදි අතින් ඇතුලත් කළ යුතුවේ. එසෙ කිරීමට ඉහත විස්තර කළ ක්‍රමවේදය භාවිතයෙන් ඇරඹුමේ IQN දැනගත යුවේ. ඉන්පසු, IQN දිස්වන ස්ථාප පිටුවේම ඔබ ස්ථාපනයට බලාපොරොත්තුවන iSCSI ඉලක්කයේ IP ලිපිනය විශේෂිතව දක්වන්න.

iSCSI ඉලක්කයෙහි IP ලිපිනය මග විසින් විශේෂිත ඇතුළත් කළ පසුව,iSCSI ඉලක්කයෙහි තාර්කීක ඒකකය ස්ථාපනය සඳහා භාවිතයට ඇතිවේ. Anaconda විසින් නිර්මාණය කළ initrd iSCSI ඉලක්කයෙහි IQN සහ IP ලිපිනය ලබාගනු ඇත.

iSCSI ඉලක්කයෙහි IQN සහ IP ලිපිනය අනාගතයේ වෙනස් වෙනු ඇත, සෑම ඇරඹුමේම iBFT හෝ විවෘත ෆර්ම් වෙයාර් set-up අංගය ඇතුලත් කරන්න සහ අදාල පරාමිතිය වෙනස් කරන්න. ඉන්පසු සෑම ඇරඹුම සඳහාම initrd (iSCSI ගබඩාවේ ඇති) පහත පරිදි වෙනස් කරන්න:

  1. gunzip භාවිතා කරමින් initrd විදහන්න.

  2. cpio -i. භාවිතයෙන් විසුරුවන්න.

  3. init ගොනුව තුළ iscsistartup. වචනය ඇති පේළිය සොයන්න. මෙම පේළිය iSCSI ඉලක්කයේ IQN සහ IP ලිපිනයෙන් සමන් විත වේ; මෙම පේළිය නව IQN සහ IP ලිපිනයකින් යාවත්කාලීන කරන්න.

  4. cpio -o භාවිතා කරමින් initrd නැවත අසුරන්න.

  5. gunzip භාවිතා කරමින් initrd නැවත සංකෝචනය කරන්න.

ඉදිරියේදි නිකුත් කිරීමට නියමිත විවෘත ෆර්ම්වෙයාර් / iBFT ෆර්ම්වෙයාර් මගින් තබාගෙන සිටින iSCSI තොරතුරු ලබා ගැනීම මෙහෙයුම් පද්ධතියේ හැකියාව වේ. එවැනි දියුණු කිරීම් මඟින් SCSI ඉලක්කයෙහි IQNහෝ IP ලිපිනය වෙනස්වන විට initrd (iSCSI බගඩාව තුළ ඇති) වෙනස් කිරීමෙ අවශ්‍යතාවය ඉවත් කරයි.

iSCSI සඳහා ෆර්ම් වෙයාර් ඇරඹුම රහිත open-iscsi භාවිතයෙන්

ඔබ open-iscsi මෘදුකාංග ආරම්භකය iSCSI ජාලය හරහා ආරම්ඹ කිරිමේ හැකියාව භාවිතා කරන්න (PXE/tftp වැනි). මෙම අවස්ථාවේදි ඇරඹුමේ iSCSI ඉලක්කයේ IQN සහ IP ලිපිනය දැන ගැනීමට මීට පෙර විස්තර කරන ලඳ ක්‍රමය අනුගමනය කරන්න නිමකළ වහාම initrdජාල ආරම්ඹක සේවාදායකය වෙතට පිටපත් කර ජාලය හරහා ආරම්ඹයට පද්ධතිය සකසන්න.

එලෙසම iSCSI ඉලක්කයේ IP ලිපිනය හෝ iSCSI හි IQN වෙනස් වුනි නම්, එලෙසම initrd වෙනස් විය යුතුය. එලෙස සෑම ඇරඹුමටම කිරීමට initrd වෙනස් කිරීම සඳහා ඉහතදි විස්තර කළ ක්‍රමය අනුගමනය කරන්න.

අංග යාවත්කාලීන

EXT3 Enhancement

දැන් EXT3 හි උපරිම දාරිතාව 16TB (8TB සිට වැඩි විය). මෙම දියුණුකිරීම Red Hat Enterprise Linux 5 තාක්‍ෂණික පෙර දැක්මක් ලෙස ඇත , සහ මෙම යාවත්කාලීනයේ පූර්‍ණසහය සහිත ලෙස ඇත.

yum-security

දැන් yum මඟින් පමණක් ආරක්‍ෂිත යාවත්කාලීන ස්ථාපනය සීමා කළ හැක. එසේ කිරීමට yum-security ස්ථාපනය කර පහත විධානය ක්‍රියාත්මක කරන්න:

yum update --security

සම්පත් වෙන වෙනම නැවත ආරම්ඹ වෙමින්

මව් සේවාවට බාදා නොකර දැන් සමුහයකැති සම්පතක් නැවත ආරම්ඹ කළ හැක. මෙය __independent_subtree="1" අංගය ස්වාදිනව භාවිතයෙන් /etc/cluster/cluster.conf තුළ මානකරණය කළ හැක.

උදාහරණ සඳහා:

<service name="example">
        <fs name="One" __independent_subtree="1" ...>
                <nfsexport ...>
                        <nfsclient .../>
                </nfsexport>
        </fs>
        <fs name="Two" ...>
                <nfsexport ...>
                        <nfsclient .../>
                </nfsexport>
                <script name="Database" .../>
        </fs>
        <ip/>
</service>

මෙහි ගොනු පද්ධති සම්පත් දෙකක් භාවිතා වේ: One සහTwo. One බිදවැටුන හොත්, Two හට භාදා ඇති නොකරමින් එය නැවත ආරම්ඹ වේ. Two බිදවැටුන හොත්, (One ගේ සියලුම කොටස්, One සහ Two) හි සියළුම උප කොටස් නැවත ආරම්ඹවේ. One මඟින් ලබා දෙන Two සහ එයමත රැදිනසිට උපකොටස්.

Samba හට විශේෂි ආකෘතියක් අවශ්‍යවන බව සලකන්න සහ උපරුක් සහිත සේවා සමඟ එය භාවිතා කළ නොහැක. මෙය වෙනත් බොහෝ සම්ඔත් සඳහා සත්‍යවේ, එමනිසා __independent_subtree="1" අංග ආරක්‍ෂිතව භාවිතා කරන්න.

අථත්‍යකරණය

පහත සඳහන් අථත්‍යකරණය නවිකරණයන්ද මෙමෙ නිකුතුවේ ඇතුලත් ව ඇත:

  • අථත්‍යකරණය කරන ලද කර්නලය හටදැන් kdump ක්‍රියාව භාවිත කල හැක.

  • AMD-V මෙම නිකුතුවේදි සහය දක්වයි. මෙය පූර්‍ණ අථත්‍යකරණය කරන ලද සජීවි කළාප

  • අථත්‍යකරණය කරන ලද කර්නලය දැන් 16GB දක්වා මතකයක් සඳහා සහය දැක්වීමට පුළුවනි.

  • in-kernel පේනු API දැන් පුලුල් කර ඇත. මෙය ආගන්තු අතර sctp ක්‍රියාත්මක වීමෙදි ඇතිවන දෝෂය මග හැරීමට සඳහා සිදු කරයි.

  • අථ්‍ය ජාලකරණ දැන් libvirt, අථ්‍යකරණ පුස්තකාලයේ කොටසක් වේ. පරිගණකය තුළ සියළුම ප්‍රදේශිය ආගන්තුක සඳහා අථ්‍ය NAT/router සහ පෞද්ගලික ජාල සකසා සැනීමට අවශ්‍ය විධාන කුලකයක් libvirt සතුව ඇත. මෙය විශේෂයෙන්ම ප්‍රයොජනවත් වනුයේ පිටතින් මාර්ග ගතවීමට අවශ්‍ය නොවන ආගන්තුක සඳහායි. එය ලැප්ටොප් පරිගණක මත අථ්‍යකරණ භාවිතා කරන සංවර්ධකයින් සඳහාද ප්‍රයෝජනවත් වේ.

    අථත්‍ය ජාලකරණය හැකියාව, අථත්‍ය ජාලකරණය සඳහා dhcp හසුරුවන dnsmasq මත යැපීමක් එක් කරයි.

    libvirt පිළිබද වැඩි විස්තර සඳහා http://libvirt.org බලන්න.

  • දැන් අථත්‍ය පරිගණක කළමණාකරනයට libvirt හට හැකිය. මෙය libvirt සිදු කරනුයේ නිර්වචනය කිරීමෙන් සහ නොනවතන හෝ ආරම්ඹවන කළාප නිර්වචනය නොකිරීමෙන් මෙය සිදුකරනු ලැබේ. මෙම පහසුකම virsh define සහ virsh undefine විධානයන්ට සමාන වේ.

    මෙම වැඩි දියුණු කිරීම Red Hat අථත්‍ය පරිගණක කළමණාකරුට දැනට ඇති ආගන්තුකයින් දර්ශනයට ඉඩ ලබා දේ. මෙම ආගන්තුකයින් GUI මඟින් සෘජුවම ආරම්ඹ කිරීමට මෙය ඔබට අවස්ථාව සලසා දේ.

  • උදාහරණයක් ලෙස kernel-xen ඇසුරුම ස්ථාපනය කිරීමෙන් පසුව, elilo.conf පහත සඳහන් අයුරින් කියවිය යුතුවේ.

  • සම්පූර්ණයෙන්ම අථත්‍යකරන ලද ආගන්තුකයින් සජීවි ආගමනය කල හැක.

  • xm create විධානය සතුව ඊට සමගාමී චිත්‍රක විධානයක් virt-manager තුළ ඇත.

  • Nested Paging (NP) දැන් සහය දක්වයි. මෙම අංගය අථත්‍යකරණය කළ පරිසර තුළ මතක කළමණාකාරිත්වයේ සංකීර්ණත්වය අවම කරයිඊට අමතරව memory-intensive ආගන්තුකයන් තුළ CPU යෙදවීම NP ද අඩුවේ .

    දැනට NP පෙරනිමියෙන්ම සක්‍රීයව නැත. ඔබගේ පද්ධතිය NP ට සහය නොදක්වයි නම්, hap=1 පරාමිතිය සමඟ හයිපවයිසර් ආරම්ඹ කරමින් NP සක්‍රීය කරන ලෙසට අනුමත කරයි.

හවුල් පිටු වගු

හවුල් පිටු වගු hugetlb මතක සඳහා දැන් සහය දක්වයි. බහු සැකසුම් අතර පිටු වගු හුවමාරුව සක්‍රීය කරයි.

බහු සැකසුම් අතර හවුල් පිටු වගු අඩු කැච් ඉඩ භාවිතා කරයි. මෙය යෙදුම් කැච් හිට් අනුපාතය වර්ධනය කරමින් උසස් තත්වයේ වැඩසටහන් කාර්ය සාදනයක් ලබා දේ.

divider

tick_divider=<අගය> විකල්පය වන sysfs පරාමිතිය ඔබට එකම දෘශ්‍ය HZ කාල අගය කරන විටම පද්ධති ඔරලෝසු ශිග්‍රතාවය සුසර කළ හැක.

tick_divider= විකල්පය ඔබට CPU භාරය අවම කිරීමට අවකාශ ලබා දෙන අතර පැතිකඩ සහ කාල ගණනයේ නිරවද්‍යතාවය සඳහා වියදම් කිරීමෙ කාර්යක්‍ෂතාව වැඩි කරයි.

සම්මත ඔරලෝසු 1000Hz සඳහා <values> භාවිතා කරන්න:

  • 2 = 500Hz

  • 4 = 250Hz

  • 10 = 100Hz (Red Hat Enterprise Linux හි පෙර කිකුතුවේදි භාවිතා කළ අගය)

Note that the virtualized kernel uses a 250HZ clock by defaul. As such, it does not need the divider= option either in dom0 or in paravirtualized guests.

dm-multipath උපාංගයන් වෙත ස්ථාපනය කරමින්

dm-multipath උපාංගයන් හඳුනාගැනීමට, සෑදීමට සහ ස්ථාපනය කිරීමේ හැකියාව ඇනකොන්ඩා සතුවේ. මෙම අංගය සක්‍රීය කිරීමට mpath පරාමිතිය කර්නලයේ ඇරඹුම් රේඛාවට ඇතුලත් කරන්න.

මෙම පහසුකම නැවුම්ව තාක්‍ෂණික පෙර දැක්මල් ලෙස Red Hat Enterprise Linux 5 හදුන්වා දෙන ලදි. දැන් මෙම නිකුතුවේදි සම්පූර්ණ සහය දක්වයි.

Dell MD3000 සඳහා ඇතුලත් සහය dm-multipath අංගය අහිත බව සලකන්න. කෙසේ නමුත්, බහු මංසල dm-multipath භාවිතා කරන අතර MD3000 ට ප්‍රවේශයට ප්‍රතිචාරය ක්‍ෂණිකව දැක්වි නොහැක

තවදුරටත්, ඔබගේ පද්ධතියේ බහුමාර්‍ග සහ බහුමාර්‍ග නොවන ආම්පන්න දෙකම Anaconda තුළ ඇති Custom Partitioning මුහුණත භාවිතා කිරීමට අනුමර කරයි. එකම තාර්කික පරිමා සමූහ තුළ දෙයාකාරයේම ආම්පන්න නිර්මාණය කිරීමෙදි Automatic Partitioning භාවිතා කරන්න.

මෙම පහසුකම සඳහා දැනට පහත සඳහන් සීමාවන් ඇතුලත් වේ:

  • ආරම්ඹක Logical Unit Number (LUN) සඳහා ඇත්තේ එකම මාර්‍ගයක් නම් , mpath විශේෂිතව දක්වා ඇතිවිටද Anaconda SCSI ආම්පන්නය වෙතට ස්ථාපනය වේ. ඔබ ආරම්ඹක LUN වෙතට බහු මාර්‍ග සක්‍රීය කල පසු පවාthe initrd නැවත නිර්මාණය කළ විට පවාමෙහෙයුම් පද්ධතිය dm-multipath ආම්පන්නයෙන් වෙනුවට the Sආම්පන්නයෙන් ආරම්ඹවේvice.

    කෙසෙ නමුත් ආරම්ඹක LUN” ආරම්බ කිරීම සඳහා බහුවිධ මාර්ග පවතී නම්, න්‍යෂ්ඨි ආරම්ඹක පෙළේmpathලෙස විශේෂිතව දක්වා ඇති විටදී, අදාල dm-multipath ආම්පන්නය Anaconda මගින් නිවැරදි ලෙස පිහිටු වීම සිදු කරනු ලැබේ.

  • පෙරනිමියෙන්ම user_friendly_names, multipath.conf තුළ yes ලෙසට සකසා ඇත. මෙය dm-multipath මූල ආම්පන්නයේ සහය යෙදවිමේ අත්‍යවශ්‍යම සැකසුමකි. එලෙසම, no වෙතට user_friendly_names සැකසීම සහ initrd නැවත නිර්‍මණය පහත දැක්වෙන දෝෂය සමඟ ආරම්ඹක දෝෂයක් ඇති වීමට හේතුවනු ඇත:

    Checking filesystems
    fsck.ext3: No such file or directory while trying to open /dev/mapper/mpath0p1
    
Storage Area Network (SAN) වෙතින් ආරම්ඹ වෙමින්

SAN තැටි ආම්පන්නයෙන් ආරම්ඹවීමෙ හැකියාව සඳහා දැන් සහය දක්වයි. මෙම අවස්ථාවේදි SAN අදාල වනුයේ Fibre Channel හෝ iSCSI අතුරුමුහුණතයි. මෙම හැකියාව dm-multipath භාවිතයෙන් බහු මාර්‍ග හරහා system-to-storage සම්බන්දතා ගුණාංගයටද සහය දක්වයි.

බහු host bus adapters (HBA) භාවිතා කරන මානකරණ තුළ, දැනට ඇති ඇඩැප්ටරය හරහා සියළුම මාර්‍ග බිද වැටේ නම් ඔබ විසින් වෙනත් ඇඩැප්ටරයකින් ආරම්ඹ වීමට පද්ධති BIOS සැකසීම අවශ්‍යවේ.

ධාවක නවීකරණ වැඩසටහන

ධාවක නවීකරණ වැඩසටහන (DUP) සැලසුම් කලේ තෙවන පාර්ශ්වික සියළුම වෙළදුන්ට (OEMs වැනි) සිය මෙවලම් ධාවක ඇතුලත් කිරීමටත් සාමාන්‍ය RPM ඇසුරුම් භාවිතයෙන් Red Hat Enterprise Linux 5 පද්ධතිය සඳහා වෙනත් ලිනක්ස් න්‍යෂ්ඨි මොඩියුල ගෙදාහැරිමේ ඇසුරුම් ලෙස අතුලත් කිරීමටය.

Red Hat Enterprise Linux 5.1 DUP සඳහා සැලකිය යුතු බොහෝ යාවත් කාලීන අඩංගු වේ:

  • ධාවක යාවත්කාලීන තැටිය හරහා ස්ථාපන වේලාවෙ ධාවක නවිකරණ RPMs දැන් සහය දේ

  • පද්ධති bootpath සඳහා බලපාන bootpath ධාවක යාවත් කාලීන දැන් සහය දේ

  • තුන්වන පාර්ශ්වික ඇසුරුම් වන Advanced Linux Sound Architecture (ALSA) දැන් විරුද්වත්වය පළකරයි

තවදුරටත්, අනුමත කළ න්‍යෂ්ඨි ABI සංකේත සුදු ලැයිස්තු සඳහා විවිධාකාර යාවත්කාලීන යොදා ඇත. තුන්වන පාර්ශවික ධාවකයක් තුළ භාවිතයට න්‍යෂ්ඨිය ලබා දෙන කුමන සංකේත සහ දත්ත ආකෘති හදුනා ගැනීමට මෙම සුදු ලැයිස්තු ඇසුරුම් ධාවක භාවිතා කරයි.

වැඩි විස්තර සඳහා http://www.kerneldrivers.org/RedHatKernelModulePackages බලන්න.

ධාවක නවීකරණ

සාමාන්‍ය ධාවක නවීකරණ
  • acpi: බොහෝ ACPI සහ Lenovo ලැප්ටොප් වල ඩොකින් ස්ටෙෂන් වල ගැටලු සඳහා ibm_acpi මොඩියුල පිළිතුරු දේ.

  • ipmi: Baseboard Management Controller වෙතට නියම කළ දෘඩාංග බාදා ඇති විට තවදුරටත් kthread තවදුරටත් ක්‍රියාත්මක නොවේ.

  • sata: SATA/SAS 2.6.22-rc3 වෙළුමට යාවත් කාලීන කරන ලදි.

  • openib සහ openmpi: OFED (OpenFabrics Enterprise Distribution) 1.2 වෙළුමට යාවත් කරන ලඳි.

  • powernow-k8: Greyhound පූර්‍ණ සහය සඳහා 2.0.0 වෙළුමට යාවත් කාලීන කරන ලදි.

  • xinput: පූර්‍ණ RSA සහය සක්‍රීය කිරීම සඳහා එක් කරන දි.

  • aic94xx: v17 සඳහා කාවැද්දු sequencer firmware තුළ යාවත්කාලීන 1.0.2-1 වෙළුමට යාවත්කාලීන කරන ලඳි, මෙම නවිකරණ පහත වෙනස් කම් යොදවයි:

    • විදහුම් සහිත ascbrace condition මත වේදිකා විසදා ඇත

    • REQ_TASK_ABORT සහ DEVICE_RESET හසුරුවන එක් කරන ලදි

    • දෝෂයක් හදුනාගත් විට දැන් භෞතික පේනු පවිත්‍ර කරයි

    • sysfs හරහා phys සක්‍රීය හෝ අක්‍රීය කළ හැක

    • DDB හි රෙස් කන්ඩිෂන් ආරක්ෂා කිරිම සඳහා DDB අගුලු භාවිතය වැඩි දියුනි කර ඇත

ශබ්ද

ALSA යාවත් කාලීන වෙළුම 1.0.14. මෙම යාවත්කාලීනය පහත දැක්වෙන දෝෂ සඳහා මගහරි:

  • IBM Taroko (M50) මත නොයිස් ප්‍රශ්නය විසදා ඇත

  • Realtek ALC861 දැන් සහය දක්වයි

  • xw8600 සහ xw6600 හි නිහඬ කිරීමේ දෝෂය විසදා ඇත

  • ADI 1884 Audio දැන් සහය දක්වයි

  • xw4600 හි ශබ්ද මානකරණ ගැටලුව විසදා ඇත

PCI
  • PCIX and PCI-Express සඳහා උපරිම ඉල්ලුම් පරමාණ කියවීම සැකසීමට ඇමතුම් ශ්‍රිතයක් එක් කරන ලඳි

  • IBM System P පරිගණකය දැන් PCI-Express හොට් ප්ලගින්ග් සඳහා සහය දක්වයි

  • අවශ්‍ය ධාවක සහ SB600 SMBus සඳහා සහය වීමට PCI ID එක් කරන ලඳි

ජාලය
  • e1000 ධාවකය: I/OAT-enabled චිපයන්ට සහය දැක් වීමට 7.3.20-k2 වෙළුමට යාවත් කාලීන කරන ලඳි.

  • bnx2 ධාවකය: 5709 දෘඩාංග සඳහා සහය දැක් වීමට 1.5.11 වෙළුමට යාවත් කාලීන කරන ලදී.

  • B44 ඊතර්නේට් ධාවකය: ඉහළ ගැලීම 2.6.22-rc4 වෙතින් පසු සුසර කිරීම පහත සඳහන් වෙනස්කම් යොදනු ඇත:

    • බොහෝ endianness පිළියම් සකසා ඇත

    • DMA_30BIT_MASK නියතය දැන් භාවිතා කරයි

    • skb_copy_from_linear_data_offset() දැන් භාවිතා කරයි

    • spin_lock_irqsave() ආරක්‍ෂිත බාදාවක් අක්‍රීය කිරිමෙ ගුණාංගය සතුවේ

    • නැවත ඇරඹුමේදි කුඩා දෝෂ පිරික්සුමක් සිදු කරණු ඇත

    • බොහෝ විසදුම් සඳහා බහුවිකාශනය ඇතුළත් වේ

    • මීට පෙර අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දැන් චිප යළිසැකසුමට වේලා ගතවේ

  • Marvell sky2 ධාවකය: ifup/ifdown විධාන නැවත නැවත ක්‍රියාත්මක වන විට න්‍යශ්ඨියේ ව්‍යාකුල වන දෝෂය සකසා‍යා 1.14 වෙළුමට එක් යාවත් කරන ලඳි .

  • forcedeth-0.60 ධාවකය: මෙම නවිකරණයේ අඩංගුවේ. මෙය NVIDIA' හි MCP55 මව් පුවරු චිපයන් සහ අදාලපුවරුවේ ඇති NIC භාවිතා කරන පාරිභොගිකයන්ගේ දැඩි දෝෂ සඳහා විසදුම් සමපයා ඇත.

  • ixgb ධාවකය: නවතම වෙළුම (1.0.126) ට ඉහලදහර යාවත්කාලීන කරන ලඳි.

  • netxen_nic ධාවකය: NetXen 10GbE ජාල කාඩ්පත සඳහා සහය සක්‍රීය කිරීම සඳහා 3.4.2-2 වෙළුම එක් කරන ලඳි.

  • Chelsio 10G ඊතර්නේට් ජාල පාලකය (Ethernet Network Controller) දැන් සහය දක්වයි.

  • s2io මෙවලමට PCI දෝෂ නිරාකරණය කරගැනීමට සහය එක්කරන ලඳි.

  • Broadcomm නොරැහැන් ඊදර්නෙට් ධාවකය දැන් nx6325 කාඩ්පත සඳහා වන PCI ID සඳහා සහය දක්වයි.

  • ifupහරහා BCM4306 ආරම්ඹ කිරීමේදි ඇතිවන ASSERTION FAILED දෝෂය විසදා ඇත.

  • ixgb ධාවකය: Intel 10-gigabit ethernet කාඩ් පතට සහය දැක්වීමට EEH PCI දෝෂ මගහරවා ගැනිම එක් කරන ලඳි. වැඩි තොරතුරු සඳහා /usr/share/doc/kernel-doc-<kernel version>/Documentation/pci-error-recovery.txt බලන්න.

  • qla3xxx ධාවකය: iSCSI භාවිතා නොකරණ iSCSI ඇඩැප්ටර සඳහා ජාලකරණ සහය ලබා දීම සඳහා QLogic නැවත සක්‍රීය කර 2.03.00-k3 වෙළුමට යාවත් කර ඇත.

  • Intel PRO/Wireless 3945ABG ජාල ධාවකය: 1.2.0. වෙළුමට යාවත් කර ඇත. ලැප්ටොප් පරිගණකයේ සමහර තත්වයටතේ ඇතිවන soft lockup දෝෂය ඇතුළු මෙම යාවත්කිරීම බොහෝ ගැටලු සඳහා විසදුම් ලාබාදේ.

  • qla2xxx: 8.01.07-k6 වෙළුමට ධාවකය යාවත් කරණ ලදී. මෙම නවිකරණය සැළකිය යුතු බොහෝ දෝෂ විසදුම් වලින් සමන් විතවේ:

    • iIDMA දැන් සහය දක්වයි

    • පහත සඳහන් ප්‍රකාශ තන්තු නාලීකා ගුණාංග දැන් සහය දක්වයි:

      • සංකේතාත්මක නෝඩ් නම

      • පද්ධති ධාරක නම

      • fabric නම

      • ධාරක කෙවනි තත්වය

    • trace-control අසමකාලීක සිදුවීම් තවදුරටත් සටහන් වන්නේ නැත

    • නැවත සැකසීම් හැසිර විමේ තාර්කය නිර්මාණය කරන ලදි

    • MSI-X දැන් සහය දක්වයි

    • IRQ-0 යෙදදීම් දැන් පද්ධතියක් පාසා හසුරුවයි

    • NVRAM යාවත්කාලීන ක්‍ෂණිකව සඵල වනු ඇත

IPMI

මෙම නිකුතුවේ IPMI ධාවක කුලකයේ යාවත් කාලීන ඉහලගැලිම් වෙනස්කම් 2.6.21.3 වෙළුමේ ඇතු ඇතුලත්ව ඇත ලත්වන පරිදිි m 2.6.22-rc වෙතින් ඇමුණුම් ඇතුලත්ව ඇත-4. මෙම නවිකරණය පහත වෙනස්කම් වලින් යුතුවේ (වෙනත් ඒවාට වඩා):

  • ipmi_si_intf තුළ වූ නොඇරඹුම් දත්ත දෝෂ සකසා ඇත

  • වෙනත් සහය දක්වන බාදක ඇත්නම් kipmid තවදුරටත් ආරම්ඹ නොවේ

  • පරිශීලකයන්ට දැන් force_kipmid හරහා enable න්‍යෂ්ඨි විබුද්ධකයාට වැඩි ප්‍රමුඛත්වයක් දීමට අවස්ථාව ලබාදේ

  • per-channel විධාන ලියාපදිංචිය දැන් සහය දේ

  • MAX_IPMI_INTERFACES වැඩි දුරටත් භාවිතයට නැත

  • ක්‍රියාත්මක වන පද්ධති මුහුණත් ඉවත් කිරීමට දැන් සහය දේ

  • ෆර්ම් වෙයාර් යාවත්කාලීන සඳහා සහය දීමට නඩත්තු ආකාරය එක් කරන ලඳි

  • pigeonpoint IPMC සඳහා poweroff සහය එක්කරන ලඳි

  • BT උපධාවකයට දැන් බොහෝ දිගු කාල ඉකුත්වීම් හමුවේ රැදිසිටිය හැක

  • නිසියාකාර ක්‍ෂණික්ඉවත් කිරීම් ස ඳහා pci_removeඑක් කරන ලඳිve

නව මොඩියුල තොරතුරු සඳහා /usr/share/doc/kernel-doc-<kernel version>/Documentation/IPMI.txt බලන්න.

SCSI
  • මෙම නිකුතුව සඳහා Red Hat Enterprise Linux 4 මඟින් SCSI සුසර කළ කලු ලැයුස්තුව.

  • aic79xx ධාවකය සඳහා PCI IDs එක්කරන ලදි.

  • aacraid ධාවකය: PRIMERGY RX800S2 සහ RX800S3 සඳහා සහය දැක්වීමට 1.1.5-2437 වෙළුම යාවත්කරන ලඳි.

  • megaraid_sas ධාවකය: 3.10 වෙළුමට යාවත්කරන ලඳි. මෙම නවිකරණය bios_param සඳහා ඇතුලත් කිරිමේ පිහිටුමක් නිර්වචනය කර ඇත, IOCTL මතක සංචිතයක් එක්කරන ලද අතර සුළු දෝෂ කිහිපයකට විසදුම් සපයන ලඳි.

  • Emulex lpfc ධාවකය: 8.1.10.9 වෙළුමට යාවත් කරණ ලඳි. මෙම යාවත් කිරීමට සැලකිය යුතු බොහෝ වෙනස්කම් ඇතුලත් වැත:

    • ioctl මර්‍ඟ තුළ host_lock කළමනාකරණය සකසා ඇත

    • AMD චිප කුලකය දැන් ස්වයංක්‍රීයව අනාවරණය කරගන්නා අතර DMA දිග බයිට් 1024 දක්වා අඩුකර ඇත

    • dev_loss_tmo සොයා ගැනීම් සක්‍රීය නම් මංසල් තවදුරටත් ඉවත් නොකරේ

    • 8GB සබැඳි වේග දැන් සක්‍රීය කර ඇත

  • පහත වෙනස්කම් යෙදීම සඳහා qla4xxx ධාවකය යාවත් කර ඇත:

    • IPV6, QLE406x සහ ioctl මොඩියුලය සඳහා සහය එක් කරන ලඳි

    • ලුක්අප් සඳහා බලපාන mutex_lock දෝෂය විසදා ඇත

    • කුමණ හෝ මුහණතක් පූරණය/නොපූරණය කිරීමට සැරසෙන විට ඇතිවන qla4xxx සහ qla3xxx ලුක්අප් දෝෂ විසදන ලදී

  • mpt fusion ධාවකය: 3.04.04 වෙළුම යාවත් කරන ලඳි. මෙම යාවත් කිරීමට සැලකිය යුතු බොහෝ වෙනස්කම් ඇතුලත් වැත:

    • බොහෝ හසුරු විමේ දෝෂ සකසා ඇත

    • mptsas දැන් අනුක්‍රමික ඉලක්ක නැවත සකසනු ඇත

    • mptsas සහ mptfc දැන් LUN සහ 255 වඩා වැඩි ඉලක්ක සඳහා සහය දේ.

    • වේගය අඩුම DVD ධාවක හැකියා ඇති දාවක සඳහා අවශ්‍යව තිබු LSI mptspi ධාවක ලියාපදිංචිය විසදා ඇත

    • when an LSI SCSI device returns a BUSY status, I/O attempts no longer fail after several retries

    • RAID අයාත තවදුරටත් ස්වයංක්‍රීය යළි නිර්මාණයෙන් පසුව අභාවිත නොවේ

  • arcmsr ධාවකය: Areca RAID පාලකයන් සඳහා සහය ලබා දීමට ඇතුලත් කරන ලදී.

  • 3w-9xxx මොඩියුලය: සඳහා 3ware 9650SE නිසියාකාරව සහය දීමට යාවත් කාලීන කර ඇත.

න්‍යෂ්ඨිය ආශ්‍රිත නවිකරණයන්

  • CIFSසේවාලාබියා 1.48aRH වෙළුමට යාවත්කාලීන කරන ලඳි. මෙය 1.48a නිකුතුව මත පදනම්ව ඇත, පහත වෙනස්කම් ඇතුලත් වන ඇමිණුම් එක් කර ඇත:

    • sec=none ස්ථාපන විකල්පය නිර්නාමික ස්ථාපනයට හෙතුවේ

    • POSIX දිගුවන් සක්‍රීයව ඇති විට දැන් CIFS විසින් umask පිළිගනි

    • පැකට්ටු අත්සන් කිරීම අවශ්‍යවන sec= ස්ථාපන විකල්ප විසදා ඇත

    EMC Celerra හි පරිශිලකයන් (NAS Code 5.5.26.x සහ පහත දක්වා ඇති), EMC NAS හවුල් වෙත ප්‍රවේශ වෙන විට CIFS සේවාලාබියා නිසියාකාරව ක්‍රියා නොකරයි . පහත දැක්වෙන න්‍යෂඨි පණිවිඩය මඟින් මෙම ගැටලුව විස්තරකර ඇත:

    kernel:  CIFS VFS: server not responding
    kernel:  CIFS VFS: No response for cmd 162 mid 380
    kernel:  CIFS VFS: RFC1001 size 135 bigger than SMB for Mid=384
    

    CIFS ස්ථාපනයෙන් පසුව, එය මත කිසිම ගොනුවක් ලිවීමට/කියවීමට නොහැකි අතර ස්ථාපන පිහිටුම් මත පිහිටි I/O විවෘත කිරීමට පෙලෙබෙන ඕනෑම යෙදුමක් නිසි ලෙස ක්‍රියා නොකරනු ඇත. මෙම ගැටලුව විසදීමට NAS 5.5.27.5 හෝ මැතක කේතයකට යාවත්කාලීන කරන්න (EMC ප්‍රධාන ආවරණ අංකය emc165978 භාවිතා කරන්න).

  • MODULE_FIRMWARE ටැග්ස් දැන් සහය දක්වයි.

  • ICH9 පාලකයන් දැන් සහය දක්වයි.

  • Greyhound සකසුවන් දැන්CPUID ඇමතුම් තුළ සහය දක්වයි.

  • Oprofile දැන් නව Greyhound කාර්ය සාදන ගණින සිද්ධි සඳහා සහය දක්වයි.

  • Directed DIAGදැන් z/VM භැවිතය දියණු කිරීම සඳහා සහය දක්වයි.

  • Intel චිත්‍රක චිප දැන් DRM න්‍යෂ්ඨි මොඩියුල හරහා සහය දක්වයි . සෘජු විදැහුම සඳහා තවදුරටත් DRM API 1.3 to වෙළුමට යාවත්කාලීන කර ඇත.

  • ACPI ශක්ති කළමනාකරණය S3 suspend-to-RAM සහ S4 හයිබනේට් දියුණු කිරීම් ඇත.

වෙනත් නවිකරණයන්

  • gaim දැන් pidgin ලෙස නම්කර ඇත.

  • Intel microcode යාවත්කාලීන වූ වෙළුම1.17. මෙම එක් කිරිම නව Intel සකසුවන් සඳහා සහයදක්වයි.

  • EMC Clariion ගබඩාව මත නිසැක active-active බිදවැටුම භාවිතයෙන් dm-multipath දැන් සහය දක්වයි.

  • Zysong චින අක්‍ෂර තවදුරටත් fonts-chinese ඇසුරුමේ කොටසක් ලෙස ස්ථාපයන නොවේ. Zysong වෙනම fonts-chinese-zysong ලෙස ඇසුරුම් ගත වී ඇත. fonts-chinese-zysong ඇසුරුම අතිරේඛ තැටියේ අඩංගු වේ.

    fonts-chinese-zysong ඇසුරුම චීන ජාතික ප්‍රමිතිය GB18030 සඳහා සහය දැක් වීමට අවශ්‍යවේ.

  • Challenge Handshake Authentication Protocol (CHAP) හි පරිශීලක නම සහ රහස්පදයක් ඇත දෙකටම අකුරු 256 ක සීමාව.

  • මෙම නිකුතුවේදි pump ප්‍රතික්‍ෂේප කරයි. එලෙසම netconfig හරහා ඔබගේ ජාලය මානකරණය කිරීමෙදි බිදුනු ifcfg ස්ක්‍රිප්ට් ප්‍රථිපලයක් වනු ඇත.

    ඔබගේ ජාල අතුරුමුහුණත නිසියාකාරව මනකරණයකිරීමට system-config- network භාවිතා කරන්න. යාවත්කාලීන කළ system-config- network ඇසුරුම ස්ථාපනය netconfig ඉවත්කරයි.

  • rpm --aid තවදුරටත් සහය නොදක්වයි. ඇසුරුම් යාවත්කාලීන කරන විට සහ ස්ථාපනය කරන විට yum භාවිතා කිරීමට රෙකමදාරු කරයි.

තාක්‍ෂණික පෙර දැක්ම

තාක්‍ෂණික පෙර දැක්ම සතු අංගයන් දැනට Red Hat Enterprise Linux 5.1ග්‍රාහකත්වය යටතේ පහසුකම් සපයන්නේ නැත , ක්‍රියාකාරීත්වය සම්පූර්ණ නැත, තවද නිශ්පාදන කටයුතු වලදී භාවිතයට ගැනීමට සුදුසු නැත. කෙසේ නමුත් පාරිභෝගිකයන්හට නව අත්දැකීමක් ලබාදීමට නව අංගයන් ලෙස මේවා ඇතුලත්කර ඇත.

නිශ්පාදන නොවන පසුබිමක් තුලදී පාරිභෝගිකයින් විසින් මෙම අංගයන් වඩාත් ප්‍රයෝජනවත් අංගයක් ලෙස සලකනු ඇත. මෙම අංගයන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ අදහස් ඉතා වැදගත් ලෙස සලකන හෙයින්, මෙම තාක්‍ෂණික පෙර දැක්ම තුල ඉදිරිපත්කර තිබෙන අංගයන් සම්බන්ධයෙන් තමන්ට රිසි ලෙස හැඟෙන අයුරින් අදහස් දැක්වීම අප ඉතා කැමැත්තෙන් පිළිගනු ලබනවා. භයානක ආරක්‍ෂක ගැටළු වලට අදාලව ඉරට්ටාවන් මේ සඳහා නිකුත් කෙරෙනු ඇත.

තාක්‍ෂණික පෙර දැක්මන් ලෙස සපයා ඇති බොහො අංගයන් බොහොවිට ප්‍රජාව වෙත පරික්‍ෂා කිරීම සඳහා නිකුත් කරනු ඇත.Red Hatබලා පොරොත්තුව වන්නේ ප්‍රධාන නිකුතුවකට පෙර සිදු කරන නිකුත් කිරීම් තුල මේවා අන්තර්ගත කිරීම වේ.

Stateless Linux

Stateless Linux යනු නව සංකල්පයක් මත සාදා ඇති වැඩසටහනක් වන අතර එමඟින් නව ආකාරයකට විශාල පද්ධති කළමණාකරනය කිරීම, ආදේශ කිරීම සහ ක්‍රියාත්මක කිරීමත් මීට අයත්වේ. මෙය මූලික වශයෙන් සිදුකරනු ලබන්නේ පද්ධතියේ තත්වය නිරීක්‍ෂණය නොකරන පද්ධති මත සකස්කරන ලද පිළිඹිබුවන් පිටපත් කොට සමාන පිළිඹිබුවන් එවැනි පද්ධති මත ස්ථාපනය කිරීමෙනි, මෙහිදී මෙහෙයුම් පද්ධතිය ක්‍රියාකරන්නේ කියවීමට පමණක් හැකි ආකාරයෙනි(read-only) (වැඩි විස්තර සඳහා කරුණාකර /etc/sysconfig/readonly-root වෙත යොමුවන්න).

මෙය තවම ප්‍රවර්ධන අවධියේ පසුවේ අස්ථායි ක්‍රියාකාරකම් බලාපොරොත්තු වන ඉලක්කයන්ගේ අනු කොටස් වේ.එබැවින් මෙම හැකියාවන් දැනට තාක්‍ෂණික පෙර දැක්මක් ලෙස ඇතුලත් කර ඇත.

පහත ලයිස්තුවෙන් දැක්වෙනුයේ Red Hat Enterprise Linux 5 beta තුල අන්තර්ගතව කර තිබෙන මූලික හැකියාවන් වේ:

  • NFS මත අස්ථායි පිළිඹුවක් ක්‍රියාකරවමින්

  • NFS මත අස්ථායි පිළිඹිබුවක් ලූප් බැක් මාර්ගයෙන් ක්‍රියාත්මක කරමින්

  • iSCSI තුල ක්‍රියාත්මක කරමින්

අස්ථායි කේත රචන දැන ගැනීමට රුචිකත්වයක් දක්වන සැම හට HOWTO ලේඛණ කියවීම ඉතා ඉහලින් රෙකමදාරු කරනු ලබනවා, එම ලේඛණ පහත සඳහන් ස්ථානයෙන් ලබා ගැනීමට හැක http://fedoraproject.org/wiki/StatelessLinuxHOWTO සහ stateless-list@redhat.com වෙතට එක්වන්න.

අස්ථායි Linux සඳහා යටිතල පහසුකම් කොටස් සක්‍රීය කිරීම නැවුම්ව Red Hat Enterprise Linux 5 තුල හදුන්වා දෙනු ලැබීය.

AIGLX

AIGLX තාක්‍ෂණික පෙරදැක්ම සමඟ තිබෙන අංගයක් වන අතර එස්ව නොවන්නේ නම් X සේවාදායකයේ කොටසක් ලෙස එය ක්‍රයාත්මක වනු ඇත. ත්‍රව්ර GL ක්‍රියාවලි සඳහා සම්මත මේස පරිගණකයක ක්‍රියාව සක්‍රීය කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියට පහත සඳහ්න අංග ඇතුලත් වේ:

  • සුළු ලෙස සංශෝධනය කර තිබෙන X සේවාදායකය

  • නවීකරණය කරනලද Mesa ඇසුරුම මඟින් නව වාහක පහසුකම එකතු කල හැක

මෙම උපාංගයන් ස්ථාපනය කිරීම මඟින්, සුළු වෙනස්කම් කීපයක් මඟින් වේගවත් GL ක්‍රියාවන් ඔබේ ඩෙස්ක්ටොප් එක මත ක්‍රියාකරවීමට පුළුවන, තවද x සේවාදායකය මාරු නොකර මෙය අක්‍රීය හා සක්‍රීය කලහැක. AIGLX මඟින් දුරස්ථ GLX වැඩසටහන් සඳහා වන දෘඪාංග වේගවත් මව ලබාගත හැකිය.

devicescape (d80211)

devicescape සිරස් ඇසුරුම iwlwifi 4965GN නොරැහැන් ධාවකය සක්‍රීය කරයි. මෙම සිරස් ඇසිරුම සාමාන්‍ය නොරැහැන් මෙවලම් සඳහා ඔනෑම Wi-Fi ජාලයකට සම්බන්ධතාවයට ඉඩදේ.

මෙම සිරස් එකතුවේ ඉහල ගැලීම අනුමත කිරීමට නියමිත කේත මුලයක් ඇත. මීට අමතරව මෙම සිරස් එකතුවේ ස්ථායිතාව පරික්‍ෂණ කිරීම මඟින් සත්‍යතාවය පිළිබද තීරනයක් ගැනිමට නියමිතයි. එලෙස මෙම නිකුතුවේදි සිරස් එකතුව තාක්‍ෂණික පෙර දැක්මක් ලෙස ඇතුලත්ව ඇත.

FS-Cache

FS-Cache යනුවෙන් හැඳින් වෙනුයේ දේශීයව දුරස්ථ ගොනු පද්ධති මතකයේ රඳවාගත හැකි පහසුකමක් වේ; පරිශීලක වරුන් හට NFS දත්තයන් දේශීයව සවිකර ඇති තැටියකට ගබඩා කිරීමේ පහසුව මින් සැලසෙනු ඇත. FS-Cache පහසුකම සකසුරුවම් කර ගැනීම සඳහා, cachefilesd RPM ඇසුරුම ස්ථාපනය කර /usr/share/doc/cachefilesd-<version>/README ඇති උපදෙස් අනුගමනය කරන්න.

ස්ථාපනය කර තිබෙන <version> සමගාමී වෙළුමක් වන cachefilesd සමඟ ආදේශ කරන්න.

Systemtap

Systemtap නිදහස් මෘදුකාංග (GPL) සැකසුම මඟින් දැනට ක්‍රියාත්මක Linux පද්ධතිය සම්බන්ධව තොරතුරු දැන ගැනීමට හැකි වේ. මෙමඟින් ක්‍රියාකාරීත්වයේ හෝ කාර්‍යක්‍ෂමතාවය සම්බන්ධ දෝෂයන් චිකිත්සා කර දැනගත හැකිවේ. systemtap විධානය මඟින් වෙනත් අසීරු මෙවලම් මේ සඳහා භාවිතා කිරීමට අවශ්‍ය නොවේ.

iSCSI ඉලක්කය

iSCSI ඉලක්කය සැකසීම සඳහා , scsi-target-utils RPM ස්ථාපනය කරන්න සහ මෙහි ඇති උපදෙස් පිළිපදින්න:

  • /usr/share/doc/scsi-target-utils-<වෙළුම>/README

  • /usr/share/doc/scsi-target-utils-<වෙළුම>/README.iscsi

ස්ථාපනය කර තිබෙන<වෙළුම> සමගාමී වෙළුමක් වන සමඟ ආදේශ කරන්න.

වැඩි විස්තර සඳහා man tgtadm බලන්න.

ෆයර්වෙයාර්

firewire-sbp2 මොඩියුලය මෙම නිකූතුවේදි තාක්‍ෂණික පෙර දැක්මක් ලෙස ඇතුලත් කර ඇත. මෙම මොඩියුලය FireWire බගඩා ආම්පන්න සහ ස්කැනර අතර සම්බන්ධය සක්‍රීය කරයි.

දැනට ෆයර්වෙයාර් පහත දැක්වෙන දැ සඳහා සහය නොදක්වයි:

  • IPv4

  • pcilynx ධාරක පාලක

  • multi-LUN ගබඩා ආම්පන්න

  • ගබඩා ආම්පන්න වෙතට විශේෂිත නොවන ප්‍රවේශ

මීට අමතරව, මෙම ෆයර්වෙයාර් වෙළුමේ පහත දැක්වෙන දෝෂ තවදුරටත් ඇතුළත් වේ:

  • SBP2 ධාවයේ මතක ගැටලුවක් ඇත මෙම නිසා පරිගණකයේ ප්‍රතිචාර නොදැක් වීමක් ඇතිවිය හැක.

  • මෙම වෙළුමේ කේතයක් big-endian පරිගණක සමඟ නිසියාකාරව ක්‍රියානොකරයි. මෙය PowerPC හි ගලාපොරොත්තු නොවු ගැටලු ඇති කළහැක.

විසදු නිකුතුවන්

  • SATA දෝෂය නිසා ආරම්ඹක ක්‍රියාවලියෙදී SATA-equipped පද්ධතිය විරාමයේ රදවන සහ නැවර පටන්ගැනිමට පෙර දිස්වන දෝෂය දැන් විසදා ඇත.

  • බහු-ආරම්ඹක පද්ධතියක්, Windows Vista™ ස්ථාපනය වන පළමු ප්‍රාථමික කොටසවන අරම්ඹක සෙක්ටරය parted මගින් අරක්‍ෂා කෙරේ. එලෙසම බහු-ආරම්ඹක පද්ධතියක් Red Hat Enterprise Linux 5.1 සහ Windows Vista™, සමඟ සකසනවිට තවදුරටත් අනාරම්ඹකව නොසිටි.

  • rmmod xennet තවදුරටත් domU හානිවීමට ඉඩනොතබයි.

  • 4-socket AMD Sun Blade X8400 Server Module පද්ධතිය තුල මතකය node 0 නිසියාකාරව මානකරනය කර නොතිබෙන නිසා ආම්භයේදී එය නිසියාකාරව සිදු වනු ඇත.

  • බිදවැටුම් වකාලන කළාප සුසරකිරීමට සහ නිර්මාණයටconga සහ luci භාවිතා කළ හැක.

  • Cluster Storage සමූහ yumහරහා ස්ථාපනය කිරීමෙදි ගනුදෙනුව තවදුරටත් බිද නොවැටේ.

  • සථාපනය අතරතුරේදි, සාවද්‍ය SELinux ප්‍රකරණ /var/log/faillog සහ /var/log/tallylogවෙතට තවදුරටත් යෙදෙන්නේ නැත.

  • dual-core AMD වේදිකාව මතදි , තනි cpu මතදි cpu-intensive ක්‍රියා සඳහා CPU මූලයට සංඛ්‍යාතය වෙනස් කිරීමට තවදුරටත් බල නොකරයි.

  • වෙන්වූ ස්ථාපන මාධ්‍යක් භාවිතයෙන් Red Hat Enterprise Linux 5.1 ස්ථාපනය කරන විට (උදාහරණයක් ලෙස, CD or NFSISO), amanda-server ස්ථාපනයේදී දෝශ ඇතිවිය නොහැක.

  • ස්ථාපනය අතර තුරේදි Anaconda 4GB RAM ප්‍රමාණයක් හුදුනාගත හැක. මෙය Anaconda ස්වයංක්‍රීයව න්‍ය්‍යශ්ඨ kernel-PAE variant ස්ථාපනය කළ උයුතුද නැද්ද යන්න ස්වයංක්‍රියව තීරරනය කිරීමට අවස්ථාව සකලසයි..

  • නවතම k8 සැකසුම් මතදි EDAC දැන් නිවැරදි මතක ප්‍රමාණය දක්වයි.

  • gdm හරහා ග්නෝම් තිර මුහුණතට දුරස්ථව පිවිසීමේදි පිවිසුම් තිරය සිරවී තිබීමතවදුරටත් නොපවතී.

  • autofs දෝශය මඟින් බහු සවිකිරීම නිසියාකාරව සිදුකිරීමට බාධා නොපමුණුවනු ලබයි.

  • utrace සඳහා බොහෝ පිළියම් පහත විසදුම් යොදයි:

    • ptrace භාවිතා කරන විටදි රේස් කන්ඩිෂන් බිදවැටිමට හේතුවන දෝෂය විසදා ඇත

    • සමහර PTRACE_PEEKUSR ඇමතුම් වෙතින් ලැබෙන වැරදි සහගත EIO ප්‍රතිචාර නිසා ඇතිවු ප්‍රතික්‍රමණය විසදා ඇත

    • සමහර තත්වයටතේ උප-යෙදුමක් පිහිටන විටදි සමහර wait4 ඇමතුම් වැලකිම නිසා ඇතිවු ප්‍රතික්‍රමණය විසදා ඇත

    • සකසුමක් අවසන් කිරීමෙන් සමහරවිට SIGKILL වැලකීම නිසා ඇතිවන ප්‍රතික්‍රමණය විසදා ඇත. මෙය සැකසුම සමහර තත්ව යටතේ ptrace ක්‍රියාකරනවිට මෙය සිදු වේ.

  • RealTime Clock (RTC) දෝෂය නිසා සීනු නැවැත්වීමට සහ කාලාන්තර RTC බාදා දැන් විසදා ඇත.

හඳුනාගත් ගැටළු

  • Anaconda පළමු වරට Release Notesබොත්තම ක්ලික් කළවිට කවුළුව නිකුතු සටහන් විදහිමේදි පමාවක් සිදුවේ ම පාවේදි හිස් ලැයිස්තුවක් තිරය මත දිස්වේ.සමාන්‍යයෙන් විදැහුම ඉක්මනින් අවසන් වේ, එමනිසා පරිශිලකයන්ට එය නොදැනේ.

    මෙම ප්‍රමාදය බොහෝදුරට ස්ථාපනයේදි ඇසුරුම් ස්ථාපනය CPU-intensive කොටස වන බැවිනි

  • MegaRAID ධාවකයන් භාවිතා කරන හොස්ට් බස් ඇඩප්ටර් (Host bus adapters ) "I2O" මාත හැඩයෙන් නොව "Mass Storage" මාත හැඩයෙන් පරිහරණය කලයුතු වේ, . මෙය සිදු කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න:

    1. MegaRAID BIOS සකසුරුවම් කරන උපකරණය ඇතුල් කරන්න.

    2. ඇඩප්ටර පරිස්ථිති මෙනුව ඇතුල් කරන්න.

    3. අනෙකුත් ඇඩප්ටර විකල්පයන්, යටතේ අනුස්පර්ධාව තෝරාගෙනවිශාල ගබඩා කරණය ලෙස සකස් කර ගන්න.

    ඇඩප්ටරයට වැරදි ලෙස "I2O" අනුස්පර්ධාව ලෙස යොදා තිබෙ නම්, පද්ධතිය විසින් i2o ධාවකය පූරණය වන්නට පටන් ගනු ඇත. මෙය අසමත් වන අතර, ඇඩප්ටරය භාවිත කල නොහැකි ලෙස දිස් වෙයි.

    Red Hat Enterprise Linux නිකුතුව සාමාන්‍යයෙන් I20 ධාවකය MegaRAID ධාවකයට ප්‍රථම රුවා ගැනීමට උත්සුක නොකරයි. මෙය ඉවතලා Linux මත භාවිත කරන විට "Mass Storage" අනුරූපී මාතය ලෙස යොමු කරන්න.

  • ජාල මත පදනම්ව සිදුකෙරෙන ස්ථාපනයකදීCisco Aironet MPI-350 නොරැහැන් කාඩ්පත තිබෙන ලැප්ටොප් පරිගණකයන් DHCP මාර්ගයෙන් ලිපිනයක් ලබාගැනීමට යාමේදී එම ක්‍රියාවලි අතරමඟ නතර වීමට එඩ ඇත.

    මෙය මඟහරවා ගැනීමට, ස්ථාපනය සඳහා ඔබේ දේශීය මාධ්‍ය තෝරාගන්න. විකල්පයක් ලෙස, ස්ථාපනයට පෙර ඔබේ ලැප්ටොප් පරිගණකයේ BIOS මඟින් රැහැන් රහිත කාඩ්පත අක්‍රීය කරගන්න (ස්ථාපනය අවසන් වූ පසුව මෙය නැවත සක්‍රීය කරගැනීමට ඔබට පුළුවන).

  • මේ මොහොතේදී, system-config-kickstart මඟින් ඇසුරුම් තෝරාගැනීම හෝ අතහැරදැමීම සඳහා පහසුකම් සපයන්නේ නැත. system-config-kickstart භාවිතා කරන විටදී, Package Selection විකල්පය මඟින් එක අක්‍රීය කරැති බව හඟවයි. මීට හේතු වන්නේsystem-config-kickstart, කණ්ඩායම් තොරතුරු රැස්කිරීම සඳහා yum භාවිතා කරන නමුත් එය හට Red Hat ජාලය සමඟ සම්බන්ධ වීම සඳහා සිදුකල යුතුyum මානකරනය නිසියාකාරාව සිදු කිරීමට අපොහොසත් වීමයි.

    මේ මොහොතේදී, ඔබ විසින් ඔබේ kickstart ගොනු කොටසේ තිබෙන ඇසුරුම් කොටස ඔබ විසින් අතින් මාන කරණය කලයුතු වේ. system-config-kickstart විධානය මඟින් kickstart ගොනුව විවෘත කරන විටදී, සියළුම ඇසුරුම් වලට අදාල තොරතුරු එමඟින් විවෘත කරන අතර ඔබ එය සුරකින විටදී ඔබ විසින් කරන ලද සියළුම වෙනස්කම් ඒ ආකාරයටම සුරකිනු ඇත.

  • මෙම Red Hat Enterprise Linux 5 නිකුතුවේදි ඇරඹුම් අවස්ථාවේදී /var/log/boot.log ගොනුව මතට ප්‍රතිදානය කල නොහහැක . එනමුත් මේ හා සමාන ක්‍රියාකාර කමක් නවීකරනය සහතිව නිකුතුව මඟින් නුදුරේදී ලබාදෙන බැව් කරුණාවෙන් සලකන්න.

  • Red Hat Enterprise Linux 4 සිට Red Hat Enterprise Linux 5 ප්‍රගමනය කිරීමේදී, Deployment Guide (භාවිතා මඟ පෙන්වීම් පොත) ස්වයංක්‍රීයව ස්ථාපනය වනු නොලැබේ. ඔබ හට pirut විධානය, ස්ථාපනයෙන් පසුව මේ සඳහා භාවිතා කල යුතුවේ.

  • පද්ධතිය නිසියාකාරව kexec/kdump කරනල් වෙත නිසියාකාරව නැවත ආරම්භ නොවනු ඇත, එහි X සේවාදායකය ක්‍රියාත්මක වන්නේ නම්vesa ධාවකයට අමතරව භාවිතා කරන්නේ නම්. මෙම ගැටළුව ATI Rage XL චිත්‍රක පරිපථ පද්ධති මත පවතී.

    X සේවාදායකය ATI Rage XL භාවිතා කරන පද්ධතියක් තුල ක්‍රියාත්මක වන්නේ නම්, vesa ධාවකය භාවිතා කරන බවට වග බලා ගන්න, මෙය සාර්ථකව පද්ධතියkexec/kdump කර්නලය තුලට නැවත ආරම්භ කිරීමට උපකාරී වේ.

  • nVidia CK804 චිප් සෙට් එකක් ස්ථාපනය කරතිබෙන පද්ධතියකRed Hat Enterprise Linux 5 භාවිතා කිරීමේදී, පහත සඳහන් ආකාරයට සමාන කර්නල් පණිවිඩයන් ඔබහට ලැබෙනු ඇත:

    kernel: assign_interrupt_mode Found MSI capability
    kernel: pcie_portdrv_probe->Dev[005d:10de] has invalid IRQ. Check vendor BIOS
    

    මෙම පණිවිඩයෙන් කියවෙන්නේ ඇතැම් PCI-E සිදුරු IRQ විමසන්නේ නොමැති බවයි. තවද, මෙම පණිවිඩයන් මඟින් පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඉල්ල වන්නේ නැත.

  • ඔබ root ලෙස පිවිසී ඇති විට ඉවත්කළ හැකි ගබඩා ආම්පන්න ( CDs සහ DVDs වැනි) ස්වයංක්‍රීයව ස්ථැපනය නොවේ. එමනිසා ඔබට චිත්‍රක ගොනු කළමනාකරු මඟින් ඔබට එය ස්ථාපනය කරගත යුතුවේ.

    විකල්පයක් ලෙස පහත විධානය භාවිතා කරමින් ඔබට ආම්පන්න ස්ථාපනය කරගත හැක /media:

    mount /dev/<device name> /media
    
  • IBM System z මඟින් සාම්ප්‍රදායික Unixආකාරයේ භෞතික විධාන පුවරුවක් ලබා දෙන්නේ නැත. Red Hat Enterprise Linux 5 , IBM System z සඳහා firstboot ක්‍රියාකාරීත්වය පද්ධතිය ප්‍රථම වතාවට ආරම්භ වන විට ආරම්භ වීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නේ නැත.

    Red Hat Enterprise Linux 5 තුල IBM System z, පද්ධති මත නිසියාකාරව ආරම්භනය කර සැකසීම සඳහා ස්ථාපනයට පසුව පහත සඳහන් විධානයන් ක්‍රියාත්මක කරන්න:

    • /usr/bin/setup — ලබා දෙනුයේ setuptool ඇසුරුම මඟිනි.

    • rhn-setup ඇසුරුම මඟින් /usr/bin/rhn_register — ලබාදේ.

  • Red Hat ජාලයහරහා Red Hat Enterprise Linux 5, Red Hat Enterprise Linux 5.1 වෙතට යාවත් කරන විට yum redhat-beta යතුරු ආනයනයට නොවිමසනු ඇත. එමනිසා යාවත් කිරීමට පෙර redhat-beta යතුරු ලබාගැනිමට අවාදකරයි.මෙය කිරීමට පහත විධානය ක්‍රියාත්මක කරන්න:

    rpm --import /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-redhat-beta

  • LUN විසින් මානකරණය මකනවිට, වෙනස්කම් ධාරකයට බලනොපායි. lvm විධානය සමහර විට dm-multipath භාවිතා කරන විට නිසියාකාරව ක්‍රියාවොකරයි, LUN දැන් stale ලෙසට පත්වු .

    මෙය භාවිතා කිරීමට සියළුම අම්පන්න සහ /etc/lvm/.cache තුළ ඇති සබැදි mpath stale LUN විශේෂිත කරන්න.

    මෙම ඇතුළත් කිරීම් පිළිබද සොයාගැනීමට පහත විධානය ක්‍රියාත්මක කරන්න:

    ls -l /dev/mpath | grep <stale LUN>

    උදාහරණයක් ලෙස, <stale LUN> 3600d0230003414f30000203a7bc41a00, පහත ප්‍රථිඵලය දිස්වෙනු ඇත:

    lrwxrwxrwx 1 root root 7 Aug  2 10:33 /3600d0230003414f30000203a7bc41a00 -> ../dm-4
    lrwxrwxrwx 1 root root 7 Aug  2 10:33 /3600d0230003414f30000203a7bc41a00p1 -> ../dm-5
    

    එනම් 3600d0230003414f30000203a7bc41a00 අනුරුපය කළ යුතුවන්නේmpathසබැඳිය: dm-4 සහ dm-5.

    එලෙස පහත දැක්ව්න පෙළ /etc/lvm/.cache වෙතින් මකාදැමිය යුතුයි:

    /dev/dm-4 
    /dev/dm-5 
    /dev/mapper/3600d0230003414f30000203a7bc41a00
    /dev/mapper/3600d0230003414f30000203a7bc41a00p1
    /dev/mpath/3600d0230003414f30000203a7bc41a00
    /dev/mpath/3600d0230003414f30000203a7bc41a00p1
    
  • CD / DVD භාවිතා කර සම්පූර්ණයෙන් අථත්‍යකරන ලද Windows™ සෑදීමට උත්සහ කරන විටදී, ආගන්තුක ස්තහාපනයේ දෙවන කොටස නැවත ආරම්භයේදී ඉදිරියට කරගෙන යාමට නොහැකි විය.

    මෙය මඟහරවා ගැනීම සඳහා, සංශෝධනය කරන්න /etc/xen/<ආගන්තුක පරිගණකයේ නම> CD / DVD උපාංගයේ ප්‍රවේශය නිසියාකාරව එකතු කරන්න.

    සාමාන්‍ය ගොනුවකට ස්ථාපනය කිරීම අථත්‍ය උපාංගයක් ලෙස භාවිතා කරනු ලැබුවේ නම්, තැටි රේඛාව /etc/xen/<ආගන්තුක පරිගණකයේ නම> පහත සඳහන් ලෙස කියවනු ලැබේ:

    disk = [ 'file:/PATH-OF-SIMPLE-FILE,hda,w']
    

    ධාරකය මත තිබෙන DVD-ROM උපාංගය /dev/dvd ලෙස සොයාගත හැකිවන අතර ස්ථාපන ක්‍රියාවලියේ දෙවන අදියරේදී 'phy:/dev/dvd,hdc:cdrom,r' භාවිතා කිරීම මඟින් එය hdc ලෙස හඳුනාගත හැක. එබැවින් තැටි රේඛාව දැන් කියවෙන්නේ පහත සඳහන් අයුරින් වේ:

    disk = [ 'file:/opt/win2003-sp1-20061107,hda,w', 'phy:/dev/dvd,hdc:cdrom,r']
    

    ඔබේ දෘඪාංග මත පදනම්ව උපාංගයේ මාර්ගය වෙනස්වනු ඇත.

  • sctp මොඩියුලය න්‍යෂ්ඨියට එක් කර නැත්නම්, ක්‍රියාත්මක වනnetstat සමඟ -A inet හෝ -A inet6 විකල්ප පහත පණිවිඩය සමභ අස්වාභාවිකව අවසන්වනු ඇත:

    netstat: මෙම පද්ධතිය තුළ`AF INET (sctp)' සඳහා සහය නැත        
    

    මෙය වලකා ගැනීමට sctp න්‍යෂ්ථි මොඩියුලය ස්ථාපනය කරන්න.

  • ආරම්ඹක වේලාවෙදි අනුක්‍රම කෙවෙනියට මුද්‍රණයට පෙර දැනට භාවිතාවන න්‍යෂ්ඨියන් Data Terminal Ready (DTR) සංඥා ප්‍රකාශ නොකරයි. සමහර ආම්පන්න සඳහා DTR ප්‍රකාශ කිරීම අවශ්‍යව ඇත, මෙහි ප්‍රතිඵලයක් ලෙස න්‍යෂ්ඨි ආරම්ඹක පණිවිඩ එවැනි ආම්පන්න ඇති අනුක්‍රම කොන්සොල මතට මුද්‍රණය නොකරයි.

  • AMD 8132 සහ HP BroadCom HT100 භාවිතා කරන සමහර වේදිකා (HP dc7700 වැනි) මත MMCONFIG චක්‍ර සහය නොදක්වයි. ඔබගේ පද්ධතිය කුමන චිප කට්ටලය භාවිතා කලත් ඔබගේ PCI මානකරණය PortIO CF8/CFC උරුම යාන්ත්‍රණය භාවිතා කළ යුතු වේ. මෙය මානකරණය සඳහා ස්ථාපනය අතරතුරේදි -pci nommconfig න්‍යෂ්ඨි පරාමිතිය සමඟින් සහ නැවත ආරම්ඹයෙන් පසුව GRUB වෙතට pci=nommconf එක් කරන්න.

    තව දුරටත්, AMD 8132 චිප කට්ටලය Message Signaled Interrupts (MSI) සඳහා සහය නොදක්වයි. ඔබගේ පද්ධතිය මෙම චිප කට්ටලය භාවිතා කරයි නම් MSI ද අක්‍රීය කළ යුතුවේ. මෙය සිදු කිරීමට සඳහා ස්ථාපනය අතරතුරේදි -pci nomsi න්‍යෂ්ඨි පරාමිතිය භාවිතා කරන්න සහ නැවත ආරම්ඹයෙන් පසුව GRUB වෙතට pci=nomsi එක් කරන්න.

    කෙසෙ නමුත්, ඔබගේ විශේෂිත වේදිකාව න්‍යෂ්ඨිය මඟින් දැනටමත් කලු ලැයිස්තු ගතකර ඇත්නම්, ඔබගේ පද්ධතියට පූර්‍වොක්ත pci න්‍යෂ්ඨි පරාමිතිය අවශ්‍ය නොවේ. පහත දැක්වෙන HP වේදිකා දැනටමත් න්‍යෂ්ඨිය මඟින් නොසලකා හැරීමේ ලැයිසස්තුවට දමා ඇත:

    • DL585g2

    • dc7500

    • xw9300

    • xw9400

  • bare-metal (අථ්‍යකරණය නොකළ) න්‍යෂ්ඨිය ක්‍රියාත්මක වන විට, X සේවාදායකයට මොනිටරයෙන් EDID තොරතුරු ලබා ගැනීමට නොහැකි විය හැක. මෙය සිදුවන විට චිත්‍රක ධාවකයට විභේදන 800x600 ට වඩා වැඩි විභේදන සංදර්ශනය කළ නොහැක.

    මෙය සමඟ වැඩ කිරීමට පහත /etc/X11/xorg.conf හි අංශයක් වන ServerLayout පෙළ එක් කරන්න:

    "Int10Backend" "x86emu" විකල්පය
    
  • මෙම නිකුතුවට ඇතුලත් කර ඇති Virtual Machine Manager (virt-manager) පරිශීලකයන්ට අර්‍ධාථ්‍යකරණය කළ ආගන්තුක ස්ථාපක වෙතට අමතර ආරම්ඹක විස්තාරක විශේෂිතව දැක් වීමට අනුමත නොකරයි. මෙය විශේෂිත දෘඩාංග මත එක් ආකාරයක අර්‍ධාථ්‍යකරණ ආගන්තුක ස්ථාපනය සඳහා විස්තාරක අවශ්‍ය වන විටදී පවා සත්‍ය වේ.

    මෙම ගැටලුව virt-manager හි අනාගත නිකුතුවන් මඟින් විසදනු ඇත. අර්ධඅථ්‍යකරණය කළ ආගන්තුක ස්ථාපනයේදි අහබු න්‍යෂ්ඨි විස්තාරක විධාන පේළිය මඟින් විශේෂිතව දැක්වීමට virt-install භාවිතා කරන්න.

  • පෙරනිමිය සමඟ dm-multipath මානකරණය, Netapp ආම්පන්නය බීද වැටීමකට පසු මීට පෙර බිද වැටුණු මාර්‍ගය යලි සකසා ගැනීමට මිනිත්තු කිහිපයක් ගතවනු ඇත. මෙම පුශ්‌ණය නිරාකරණය සඳහා multipath.conf ගොනුවේ devices අංශය තුළට Netapp ආම්පන්න මානකරණය ඇතුළත් කරන්න:

    devices {
            device {
                    vendor                  "NETAPP"
                    product                 "LUN"
                    getuid_callout          "/sbin/scsi_id -g -u -s /block/%n"
                    prio_callout            "/sbin/mpath_prio_netapp /dev/%n"
                    features                "1 queue_if_no_path"
                    hardware_handler        "0"
                    path_grouping_policy    group_by_prio
                    failback                immediate
                    rr_weight               uniform
                    rr_min_io               128
                    path_checker            directio
            }
    

( x86 )



[1] http://www.opencontent.org/openpub/ මඟින් ලබාගත හැකි අංක 1 වෙළුමට අයත් විවෘත මද්‍රණ බලපත්‍රයට අයත් කොන්දේසි හා සීමාවන්ට යටත්ව බෙදාහැරීමට පුළුවන.